සෞඛ්‍ය අකර්මණ්‍ය කිරීමේ සැලැස්මක්
සෞඛ්‍ය අමාත්‍යාංශය එක් කණඩායමක් වැඩට ගෙන්වා අනිත් සියල්ලන්ම නිවාස වල තබා සෞඛ්‍ය අකර්මණ්‍ය කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.
තෝරාගත් වෘත්තීය කණ්ඩායමකට පමණක් හමුදා මධ්‍යස්ථානවලින් ඉන්ධන සැපයීම සෞඛ්‍ය සේවාව වසා දැමීමට සදහා සිදුකරන මෙහෙයුමක් බවද සභාපතිවරයා නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
"වෛද්‍ය නිළධාරීන් සඳහා පමණක් හමුදා මධ්‍යස්ථාන වල ඉන්ධන සැපයීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රජයේ ඉහල පාර්ශවයන් අතර සිදු වී ඇත. සැපයුම් පද්ධතිය මුළුමනින්ම අඩාල වී ඇති සෞඛ්‍ය සේවාව මේවනවිටත් පවත්වා ගනිමින් සිටින්නේ සමස්ත සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ සමගිය, බැදීම හා කැපවීම මූලික කර ගනිමින් වන අතර, රජයේ උක්ත තීරණය හරහා සිදු කිරීමට අපේක්ෂා කරනු ඇත්තේ එම සාමූහිකත්වය බිද දමා, සෞඛ්‍ය සේවාව වසා දැමෙන තත්වයකට පාර කපා ගැනීම විය හැකිය.
සැපයුම් පද්ධතිය අඩාල වීම හේතුවෙන් ඇතැම් අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සේවාවන් පවා හකුලා දැමීමට සිදුවන යථාර්ථයකට අප එළඹ තිබෙන නමුත්, ඒ සදහ කල යුතුව ඇත්තේ, සත්කාර අංශයන්ගේ අත්‍යාවශ්‍යතාවය පෙල ගැස්සවීම මිස, වෘත්තීය මට්ටම් පෙල ගස්සවා විශේෂ සැලකිලි සිදු කිරීම නොවේ.
නිදසුනක් ලෙස ශල්‍යාගාරයක විශේෂඥ වෛද්‍ය වරයා අත්‍යවශ්‍යම පුද්ගලයා වුවද, ශල්‍යාගාරයේ සමස්ථ කාර්යමණ්ඩලය නොමැතිව ශල්‍යකර්මයක් සිදු කිරීමට නොහැකිය. එබැවින් ශල්‍යකර්ම සදහා ප්‍රමුඛතාවය ලබා දෙන්නේනම්, ශල්‍යාගාරයේ සමස්ථ කාර්යමණ්ඩලය ප්රමුඛ විය යුතුය.
එවන් අවස්ථාවක සෞඛ්‍ය අමාත්‍යාංශය තුල කාර්යාල හා කළමනාකරණ කටයුතු වල නිරත වෛද්‍ය නිළධාරීන් සහ අනෙකු කාර්යමණ්ඩලය නිවසේ සිට සේවය කිරීමේ පදනමට යොමු කරවිය හැක. එසේම විකල්ප නැති සෞඛ්‍ය සේවාව වැඩි කාලයක් පවත්වා ගැනීමට අන් විකල්පයක් නොමැති තත්වය යටතේ ඇතැම් සෞඛ්‍ය අංශ සම්පූර්ණයෙන්ම වසා දැමීම පවා, අත්‍යවශ්‍ය සෞඛ්‍ය අංශ වැඩි කාලයක් පවත්වා ගැනීම සදහා ගනු ලබන වැදගත් තීන්දුවක් විය හැක.
පවතින අර්බුධයේ විද්‍යානූකූල බව එසේ වුවද, සෞඛ්‍ය අමාත්‍යාංශය නිළධාරීන් හැමදාම සිදු කල අන්දමට, තමන්ගේ හැන්දෙන, තමන්ට බෙදා ගැනීමේ නිර්ලජ්ජිත උත්සාහය මේ මොහොත තුලත් ක්‍රියාත්මක කරන්නට උත්සාහ දරන බව මෙම සාකච්ඡා මගින් තහවුරු වේ.
කෙසේ නමුත් එවන් තිරණයක් හරහා සිදු විය හැක්කේ, එක් වෘත්තීය කණඩායම්ක් රාජකාරියට වාර්ථා කරවා ගැනීම සදහා, අනෙක් සියළුම වෘත්තීයන් ගෙදර නතර කරවීම බව අප අන්තුරු හගවමු." යැයි ඔහු නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
popular news
-
Prabath Wednesday, 06 July 2022 04:56 AM
Api mehema vidyangnayo kohewath dakala naha. Thaman thamantama vidyangnayo kiya ganna kattiyak. Oyagollo gedaratama wela inna. Oyagollo oyagollantama nathuru angawagena inna. Anathurath wedi ethaka naha. Mawbima Sapada kiyala thamai ayeth kiyanna wenne.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

